උතුරු නැගෙනහිර ධීවර පවුල්වලට චීනයෙන් දැල් එළයි

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහත්වරුන්ගේ චීන සංචාරයේදී සිදු කළ රාජතාන්ත්‍රික සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් චීන රජයෙන් ආධාර ලෙස ලැබුණු දැල් 75000ක් පමණ උතුරු නැගෙනහිර ධීවර පවුල්වලට බෙදාදීමට ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් කටයුතු කොට තිබේ.

මෙම දැල් දැනටමත් ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර ඒවා උතුරු නැගෙනහිර පළාත්වලට බෙදාහැරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙයි.