තේ පොහොර සහනාධාරය රු. 4000ට නගී

රජය විසින් තේ වගාවට පොහොර යෙදීම සඳහා ලබාදීමට තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ දැමීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම පොහොර සහනාධාරය ලබන මහ කන්නයේ සිට ලබාදීමට නියමිත අතර මෙම සහනාධාරය සඳහා රුපියල් බිලියන 02ක් වැය වේ. එම මුදල ලංකා තේ මණ්ඩලයේ අරමුදල් මගින් ලබාදීමට සැලසුම් කෙරී ඇත.