ජනපතිවරයාගේ නැන්දණිය අවසන් ගමන් යයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආදරණීය නැන්දණිය වූ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මැතිණියගේ දයාබර මෑණියන් වූ ශිරානි වික්‍රමසිංහ මැතිණිය ඊයේ දින (08) සිය ජීවිතේ අවසන් ගමන් ගියාය .

නාවල ප්‍රදේශයේ ඉඩම් හිමි ධනවත් පවුලක් වන රොද්‍රිගු සහ කුරේ පවුල නමින් ප්‍රකට වූවත් ශිරාණි මැතිණිය විවාහ වීමෙන් පසු ශිරාණි වික්‍රමසිංහ නම් විය.
නාවල පාසැල් මාවතේ අක්කර පහකට ආසන්න භූමි භාගයක ජීවත් වන බොහොමයක් පවුල් හි ඉඩම් අයත් වන්නේ මෙම පරම්පරාවටය ඔවුන් ඒ සියල්ල අත්හැර දමන ලදී.
මියගිය ශිරාණි වික්‍රමසිංහ මැතිණිය විසින් නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයට අක්කර එකහමාරකින් යුත් භූමිය පරිත්‍යාග කළ අතර අද පොදු සුසාන භූමියක්ව පවතින නාවල සුසාන භූමියද වික්‍රමසිංහ පරම්පරාවට අයත් පෞද්ගලික දේපලකි.
නමුත් ඔවුන් සමාජයට පරිත්‍යාග කළ කිසිවක් ගැන අදටත් කිසිදු සඳහනක් නොමැති අතර ඉතාමත් සරල දිවි පැවතුම් ගත කළ වික්‍රමසිංහ මැතිණිය ගමේ පන්සලත් සමඟ බොහොම ලැබැදියාවෙන් කටයුතු කරන ඉතාමත් ගුණගරුක නිහතමානී කාන්තාවක් වූවාය .
වික්‍රමසිංහ මැතිණියගේ අවසන් කටයුතු ඉතා සරල හා චාම් අන්දමින් ඊයේ දින නාවලදී පැවැත්විය.