ජූඩ් ජයමහ ව නිදහස් කිරීම ගැන මෛත්‍රී අධිකරණයට කරුණු දක්වයි

කොළඹ රෝයල් පාක් ඝාතන සිද්ධියට මරණ දඬුවම නියම වූ ජූඩ් ජයමහ ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක් සිදුකර තිබේ.

එහිදී හිටපු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ පුද්ගලයා නිදහස් කරනු ලැබුවේ සියලු ක්‍රමවේදයන්ට යටත්ව ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුකූලව බවය.