පළමු සයිනොපෙක් ඉන්ධන පිරවුම්හල මත්තෙගොඩට

චීනයේ සයිනොපෙක් සමාගම පසුගියදා මෙරට තුළ සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ අතර, ඒ අනුව සයිනොපෙක් වෙළෙඳනාමය යටතේ වූ මුල්ම ඉන්ධන පිරවුම්හල මත්තේගොඩ ප්‍රදේශයේ මේ වනවිට ක්‍රියාත්මක වේ.

එහි ඉන්ධන අලෙවි කිරීමේ කටයුතු ඊයේ (30) සිට ආරම්භ කෙරිණි.

මේ අතර, සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිල දී ගත හැකි බව වාර්තා වේ.