පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

අද පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම පැවැත්වෙන අතර මැතිවරණ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සිදුකෙරෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමෙන්ම සමත මණ්ඩල පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිත අතර අධිකරණ සංවිධාන පනත යටතේ නියමයන් විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.