මාතරට තවදුරටත් රතු නිවේදන

මාතර දිස්ත්‍රික්කයේ හක්මන ,අකුරැස්ස ,පිටබැද්දර යන ප්‍රදේශවලට තවදුරටත් නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබේ.

එමෙන්ම බදුල්ල ,ගාල්ල ,හම්බන්තොට ,කළුතර ,කෑගල්ල ,මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයෑමේ නිවේදන නිකුත් කර ඇති අතර අද (12) පස්වරු 4 දක්වා එය බලපැවැත්වෙනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.