මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමට සති 4කට පාර්ලිමේන්තුව තහනම්.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාට අද (19) දිනයේ සිට සති හතරක කාලයකට පාර්ලිමේන්තු සැසිවාර සදහා සහභාගිවීම තහනම් කර තිබෙනවා.

බරපතල විනය විරෝධී ක්‍රියාවක් ලෙස සෙංකෝලය සභා ගර්භයේ පවතින අවස්ථාවක ස්පර්ශ කිරීම හේතුවෙන් මෙලෙස පාර්ලිමේන්තුව තහනම් කළ බවයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ

එමෙන්ම පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් ස්ථාවර නියෝග අනුව විනයානුකූලව ක්‍රියා කළ යුතු බව ද කතානායකවරයා මෙහිදී අවධාරණය කළා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ කටයුතු අතරතුරු දී වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ ඇති වූ උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් විනාඩි 10 ට පාර්ලිමේන්තුව කල් තැබීමටද කථානායකවරයා කටයුතු කළා.