IMF දෙවන වාරියකයෙන් ලංකාවට තවත් ඩොලර් මිලියන 330ක්.

පළමු සමාලෝචනයෙන් පසුව IMF නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළව ක්‍රියාවට නංවා ඇති වැඩසටහන පිළිබඳ සිදුකරන ලද පළමු සමාලෝචනයෙන් පසුවයි.

සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ විධායක මණ්ඩලය අනුමත කිරීමෙන් පසුව දෙවන වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 330 ක මුදලක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇති.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම යටතේ මේ දක්වා ‌මුදාහැර ඇති සම්පූර්ණ මූල්‍යාධාර වටිනාකම ඩොලර් මිලියන 660ක්.