පාර්ලිමේන්තුවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය ගැන පරීක්ෂණයක්.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර සිදුවූ නොසන්සුන් තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කියා සිටියා.

කතානායකවරයා සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ කරුණු විමසා බැලීමෙන් අනතුරුව අදාළ පරීක්ෂණය සිදු කරන බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශයක් මුල් කර ගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගත්තා.

එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අදාළ ප්‍රකාශයට විරෝධය පළ කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් දෙසට පැමිණෙන ආකාරය දක්නට ලැබුණා.