ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක දුන් පිළිතුර.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

ඊයේ (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දීයි අමාත්‍යවරයා මේ බව සදහන් කළේ.

හිටපු LTTE ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ දියණියකගේ යැයි පැවසු කාන්තාවකගේ ඇමතුමක් ලබා දීම හා මෙරට ආරක්ෂාව පිළිබඳව මාධ්‍යවේදිනියක් විසින් නැඟූ පැනයකට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

මෙරට කිසිවකු නැවත කිසි දිනෙක මෙරට තුළ ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමට කිසිසේත් කැමති නොවන බව පැවසු අමාත්‍යවරයා, සියලු දෙනා එක්ව රට ගොඩනැඟීමට කටයුතු කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නා.