සංස්කෘතික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය සම්මතයි.

බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් සම්මත වී තිබෙනවා.

ඊට පක්ෂව ඡන්ද 44ක් හිමි වී ඇති අතර විපක්ෂව ඡන්ද 05ක් හිමි වී තිබෙනවා.

ලබන වර්ෂය සදහා විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදයේ බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂ විවාදය ඊයේ (06) පැවැත්වුණා.

එහිදී අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජි.ජී.පොන්නම්බලම් මහතා මෙම වැය ශීර්ෂය සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරනු ලැබුවා.