විදෙස්ගත සිටින පාතාලයන් 30ක් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක්

විදේශගතව සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා පාතාල කටයුතු මෙහෙයවන ජාවාරම්කරුවන් 30 දෙනකු අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මහජන ආරක්ෂක අමත්‍ය ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළේ කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක අවස්ථාවට සහභාගි වෙමින්.

අමාත්‍යවරයා පවසන්නේ දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනකු හා ප්‍රංශයේ සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් රජයට තොරතුරු වාර්තා වී තිබෙන බවයි.

විදේශගතව සිටින එම පාතාල සාමාජිකයන් මෙරටට ගෙන ඒමට අදාළ රටවල් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.