සජබ මන්ත්‍රී චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

වර්තමාන පාර්ලිමේන්තුව තුළ මහජන විශ්වාසය නොමැති බවත්, නව ජනවරමක් වෙනුවෙන් නව ගමනකට තමන් සූදානම් බවත්, මෙහිදී චමින්ද විජේසිරි මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් චැතම් ස්ට්‍රීට් ජර්නල් අප මීට “චැතම් හින්ට්” මඟින් “සජබ මණ්ඩලේම කචල්” යන මැයෙන් තොරතුරු හෙළි කළ අතර, අදාල විස්තරය පහත සබැඳයෙන් නැරඹිය හැකිය.