සියලු පෙර පාසල් සදහා පූර්ණ ආහාර වේලක්

දිවයිනේ සියලු පෙර පාසල් සදහා පූර්ණ ආහාරවේලක් ලබා දීමට මෙම වසරේදී පියවර ගන්නා බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය පවසනවා

අද (10) ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති ස්ථාවර රටකට සැවොම එක මඟකට මාධ්‍ය හමුවට සහභාගී වෙමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව සදහන් කර සිටියා.


අමාත්‍යවරිය වැඩි දුරටත් සදහන් කර සිටියේ ලංකාවේ ළමුන්ගෙන් විශාල ප්‍රතිශතයක් මන්දපෝෂණයෙන් පෙලෙන බැවින් මේ පියවර සැලසුම් කොට ඇති බවයි.

මීට අමතරව පෙර පාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩ පිලිවෙලක් ක්‍රියාතමක කිරීමට බලාපොරොත්තු වන අතර ඔවුන්ට අවශ්‍ය වැටුප් ගෙවීමටද පියවර ගන්නා බවද ඇය මෙහිදී සදහන් කර සිටියා.