ශ්‍රීලනිපය ගන්ධබ්බයි – බලය තාම මෛත්‍රි අතේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් තිබෙන්නේ ගන්ධබ්බ අවස්ථාවක බව නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

එහෙත් නිදහස් පක්ෂයේ බලය තවමත් තිබෙන්නේ හිටපු සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුව බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා කීය.

ඊට හේතුව වන්නේ පක්ෂ දේශපාලන මණ්ඩලය, මධ්‍යම කාරක සභාව හා විධායක සභාවේ බහුතර බලය ඇත්තේ මෛත්‍රිපාල සිරිසේන මහතා සතුවීම බවද උප සභාපතිවරයා සඳහන් කළේය.