නව සිහළ උරුමයත් ජනපති සටනට

ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට නව සිහළ උරුමය පක්‍ෂය ද තීරණය කර ඇත.

පසුගිය අප්‍රේල් 02 ජාඇලදී පවත්වන ලද විශේෂ මහ සම්මේලනයේදී එම පක්ෂය මෙම තීරණය ගෙන තිබේ.

එම පක්ෂ නායක සරත් මනමේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සමුළුවේදී පහත තීරණවලට ද එළඹි බව එම පක්ෂය කියා සිටියි.

  • නියමිත කාල සීමාවේ දී එනම් 2024 ජනාධිපතිවරණය පැවත්විය යුතුයි,
  • 2025 දී පාර්ලිමේන්තු මැතිවරණය තිබිය යුතුය,
  • ජනතාවට ආර්ථික සහන ලබාදීය යුතුයි,
  • රටේ නීතියේ ආධිපත්‍ය නඟාසිටුවිය යුතුය,
  • දේශීය ආර්ථිකයක් තුළින් කෘෂිකර්මාන්තය,
  • දේශීය බෝග වගාවන් හා සුළු හා මධ්‍යම ව්‍යාපාර දියුණු කිරීම,
  • ොඅපනයනය වැඩිකිරීම,
  • ෙසංචාරක ව්‍යාපාරය නගාසිටුවීම,
  • ආනයනය සීමා කිරීම.