කලාකරුවන්ගේ සුබසාධනයට විශේෂ ණය යෝජනා ක්‍රමයක්

මෙරට සිනමා කර්මාන්තයේ නියුතු කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් විශේෂිත ණය යෝජනා ක්‍රමයක් සකස් කිරීමට පියවර ගන්නා බව ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පැවැසීය.

එසේම සිනමා කර්මාන්තයේ සහ කලාකරුවන්ගේ උන්නතිය වෙනුවෙන් සුදුසු යෝජනා මාලාවක් සකස් කර රජයට ලබා දෙන ලෙස ද ඒ මහතා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේය.