අපි සැබෑ ශ්‍රීලනිප පාක්ෂිකයෝ මොන බාධක ආවත් පස්සට යන්නේ නෑ

‘අපිට කොච්චර බාධක ආවත් වධ බන්ධන ආවත් අපි කිසි දවසක පස්සට යන්නෙ නෑ, ඉස්සරහට යනව මිසක්. අපි සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. ආණ්ඩුවේ ඇමැතිකම් දරන පිරිසක් අපේ ගමනට බාධා කරනවා. ඔවුන්ට ඕනෑ වුණා සන්ධානෙත් එක්කම ආණ්ඩුවට එකතු වෙන්න. මේක තමයි පසුගිය මාස තුන හතරෙම අපේ සාකච්ඡා අසාර්ථක වෙන්න හේතුව වුණේ. ගමේ වචනෙන් කියනවා නම් අපිව කඩේ යැව්වා. ඒ නිසා අපි පසුගිය දිනවල ආණ්ඩුවේ තනතුරු දරන තුන්දෙනෙකු පක්ෂය තුළ දරන තනතුරුවලින් ඉවත් කළා. ඒක ඉතාම නීත්‍යනුකූලව කළ වැඩක්.’

හිටපු විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම අදහස් පළ කළේ පෙරේදා (07) සවස කඩුවෙල පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි.