උඩරට නැටුම් කලාව ආරක්ෂා කිරීමට ජනපතිගෙන් කමිටුවක්

උඩරට නැටුම් කලාව ආරක්ෂා කර ගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඇතුළු අදාළ ආයතන නියෝජනය වන අයුරින් පත් කරනු ලබන මෙම කමිටුවට මහනුවර සාම්ප්‍රදායික නර්තන ශිල්පීන්ගේ නියෝජිතයෙකු ද ඇතුළත් කර ගැනීමට උපදෙස් ලබා දෙන බව පැවසූ ජනාධිපතිවරයා, උඩරට කලා මධ්‍යස්ථානයක් ද ස්ථාපනය කිරීමට ඒ යටතේ කටයුතු කරන බව ද සඳහන් කළේ ය.