මතට ඇබ්බැ­හිය මන­ස්ගා­ත­යක්

අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ සභා­පති, නීතිඥ ශාක්‍ය නානා­ය­ක්කාර

මත්ද්‍රව්‍ය නිසා  වර්ෂ­ය­කට රුපි­යල් කෝටි ගණනාවක් පමණ මෙරට ආර්ථි­ක­යට අහි­මි­වන බව වසර ගණ­නා­ව­කට පෙර
සමී­ක්ෂ­ණ­යක් ඇසු­රෙන්  හෙළි­කර ගන්නා ලදී. එහෙත්  මේ වන විට ඒ ගණන් තව­දු­ර­ටත් ඉහළ ගොස් ඇතු­වාට සැක නැත. එසේම තරුණ පර­පුර බිලි ගැනී­මට විවි­ධා­කා­ර­යෙන් එන මත් රකු­සා­ගෙන් ඔවුන්  බේරා­ගැ­නී­මත් රටක් වශ­යෙන්
අනි­වා­ර්ය­යෙන්  ප්‍රමු­ඛ­ත්වය දිය යුත්තකි. ආර්ථික අර්බු­ද­ය­කට මුහුණ දෙන මෙර­ටට ලක්ෂ ගණ­නක් වන, මත්
ඇබ්බැ­හි­ක­රු­වන් ඉන් මුද­වා­ගෙන සංව­ර්ධ­නයේ මාව­තට රට ගෙන ඒමට ගත යුතු පිය­වර ආදිය පිළි­බඳ අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ සභා­පති, නීතිඥ ශාක්‍ය නානා­ය­ක්කාර මහතා විසින් දක්වන ලද අදහස් කිහිපයකි මේ.

1984 වර්ෂ­යේ­දීයි මේ රාජ්‍ය ආය­ත­නය  පිහි­ටෙ­වුවේ. මෙරට මත් උව­දුර තුරන් කිරීමේ කර්තව්‍ය අතින් අති­ශය විශාල වැඩ කොට­සක් අන්ත­රා­ය­කර ඖෂධ ජාතික මණ්ඩ­ල­යට පැව­රෙ­නවා. නිවා­ර­ණය, දැනු­ම්වත් කිරීම, ඊට අදාළ ජාතික ප්‍රති­පත්ති සම්පා­ද­න­යේදී සහාය වීමත් අන්ත­ර්ජා­තික වශ­යෙන් මත් උව­දුර මැඬ­ලීමේ නිරත ආය­තන සමඟ  දත්ත හුව­මාරු කර ගැනීම ආදී දේශීය, අන්ත­ර්ජා­තික වශ­යෙන් පැති ගණ­නා­ව­කට ඒ මෙහෙ­වර පැති­රෙ­නවා. එක් එක් සෑම රට­කම අන්ත­රා­ය­කර ඖෂධ ජාතික මණ්ඩ­ලය ස්ථාපි­තයි. ඒ සියල්ල ඊට අදාළ අන්ත­ර්ජා­තික ප්‍රධාන ආය­ත­න­යත් සම­ගත් සම්බ­න්ධයි. ඒ අනුව ලෝකයේ මතු වන අලුත් මත් ප්‍රව­ණතා පිළි­බඳ ඒ මඟින් රට රට­වල අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩල දැනු­ම්වත් කර­නවා. ඒ සහ සම්බ­න්ධතා ඉතා වැද­ගත්. අනෙක සෑම රට­කම පාහේ මේ ගැට­ලුව තියෙ­නවා. ඒත්, එක් එක් රටට එය බල­පාන විදිය වෙනස්.