15 රජයේ නිවාඩු දිනයක්

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙම මස 15 වැනිදා (සඳුදා) රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇතැයි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නිවේදනය කළේය.

අලුත් අවුරුදු චාරිත්‍රයක් වන හිසතෙල් ගෑමේ නැකත එදිනට යෙදී ඇති අතර ඒ පිළිබඳව අවදානය යොමුකර එදින රජයේ නිවාඩු දිනයක් කිරීමට තීරණය කළ බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.