අවුරුද්දට ගමට යන්න කොළඹට මහ සෙනඟක්

කොළඹ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටින සහ රැකියාවල නියුතු ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සිය ගම්බිම් බලා පිටත්ව යෑමට මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානයට සහ කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත පැමිණීම සුලභ තත්වයක් වී ඇත.