’’සිමෙන්ති’’ ඉඩමක් වරායට

කන්කසන්තුරය  වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට පැවරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත අදාල  ඉඩම් පවරා ගැනීම සඳහා රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත අත්තිකාරම් ගෙවීමක් වශයෙන් රුපියල් මිලියන 52ක් වරාය අධිකාරිය විසින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ගෙවා ඇතැයි රජය පවසයි.

අදාල  ඉඩම් කොටස් කිහිපය විධිමත් නීති ක්‍රියාමාර්ග අනුගමනය කරමින් රජයේ ඉඩම් ආඥා පනතේ 6(1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත නිරවුල් අයිතිය සහිත ප්‍රදානයක් වශයෙන් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.