අවුරුද්දට ගමට යන්න එන්න ඒකාබද්ධ ප්‍රවාහන වැඩසටහනක්

සිංහල අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් සති අන්තයේ යෙදෙන දීර්ඝ නිවාඩුවේ ගම්බිම් බලා යෑමට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා ගමනාගමන මණ්ඩලය, දුම්රිය දෙපාර්තමේන්තුව හා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්මක් ක්‍රියාවට නංවා තිබේ.

ජාතික ගමනාගමන කොමිෂන් සභාව මඟින් මෙම මෙහෙයවන අතර එම ප්‍රවාහන සැලැස්ම පෙර අවුරුදු කාලය සහ පසු අවුරුදු කාලය ලෙස වෙන් කර ක්‍රියාත්මක වේ.

අප්‍රේල් 5 වැනිදා සිට 14 වැනිදා දක්වා පෙර අවුරුදු කාලය වන අතර අප්‍රේල් 15 වැනිදා සිට 17 වැනිදා දක්වා පසු අවුරුදු කාලය ලෙස මෙම ඒකාබද්ධ ප්‍රවාහන සැලැස්ම ක්‍රියාත්මක කෙරේ.