ඉන්දියාව සහ ග්‍රීසිය අතර ඓතිහාසික හමුදා ගිවිසුමක්

ග්‍රීසිය සහ ඉන්දියාව අතර ඓතිහාසික හමුදා සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ග්‍රීක හමුදාවේ ප්‍රධානියා වන ජෙනරාල් දිමිත්‍රියොස් හෝපිස්ගේ ඉන්දීය සංචාරය අතරතුර එම ගිවිසුමට අත්සන් තැබීම සිදුවන අතර, ජෙනරාල්වරයා ලබන සතියේදී ඉන්දීය සංචාරය ආරම්භ කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.