ශ්‍රී ලංකාවේ ප්‍රගතිය ප්‍රසංසනීයයි

පසුගිය වසරේදී ක්‍රියාත්මක කිරීමට අපහසු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් ආර්ථිකය ස්ථාවර කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බව ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට නියෝජ්‍ය අධ්‍යක්ෂක උත්සව් කුමාර් මහතා ප්‍රකාශ කළේය.

එලෙස ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ වල ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය යථා තත්වයට පත් විමේ සලකුණු පෙන්නුම් කිරීම පිළිබඳව සතුටට පත්වන බවද ඔහු පැවසුවේය.