රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන අයි.එම්.එෆ්. ප්‍රශංසා

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්‍රි ලංකා රජයට ප්‍රශංසා කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ආරම්භයේ සිටම ශ්‍රී ලංකාව අත්කරගත් ජයග්‍රහණ ආරක්ෂා කරගනිමින් ශක්තිමත් හිමිකාරීත්වයක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව ද ඔහු අවධාරණය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු මෙරට ධූත පිරිස අතර සාකච්ඡාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසර මැද සමුළුවට සමගාමීව පැවැත්විණි