කොළඹ ජාතික රෝහලේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රය ප්‍රතිකාර සේවාවලට එක් කරයි

කොළඹ ජාතික රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයේ ස්ථාපිත කළ අතිනවීන තාක්ෂණයෙන් යුත් සීටී ස්කෑන් (128-Slice CT Scan) යන්ත්‍රය ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (11) සිදු කෙරිණ.

රුපියල් මිලියන 220ක වටිනාකමකින් යුත් මේ අතිනවීන සීටී ස්කෑන් යන්ත්‍රයට මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය අංශ සංවර්ධන ව්‍යාපෘතිය මඟින් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇත.