විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු ආචාර්ය අමරසිරි ඝාතනය වසර 34ක් සැඟව සිටි වරදකරු කොටුවෙයි

අනියම් ප්‍රේම සම්බන්ධයක් මුල් කරගෙන ඇති වුණු ආරවුලක් මත විදුලිබල මණ්ඩල මූලස්ථානයේ සේවයේ නිරතව සිටි ඉංජිනේරුවකු වන ආචාර්ය ඩබ්. අමරසිරි නමැති අයකු අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ඇඹුල්ගම පාරේ වැලිපිල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙසකට ගෙන්වාගෙන ඝාතනය කර, සිරුර කොටස්වලට කපා බැරලයක බහා වළ දැමූ අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ 1990 වසරේ සිට වසර 34ක් තිස්සේ අධිකරණය මඟහැර සැගවී සිටි, එම අපරාධය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයද නියම වී සිටි ප්‍රධාන සැකකරු පූගොඩ මණ්ඩාවල ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබීය.