ලංකාවෙන් යුක්රේන් යුද්දෙට කුලී හේවායන් යැවූ ඒජන්තයෝ දැලේ

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු මහ මොළකරුවන් වූ විශ්‍රාමික මේජර්වරයකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. සංවිධානාත්මකව සිදුකළ මෙම ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කළ පුළුල් විමර්ශනයකින් පසුව මෙම මහ මොළකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගනු ලැබ තිබේ.