නවසීලන්ත කථානායකවරයා ප්‍රමුඛ දූත පිරිසක් ශ්‍රී ලංකා  කථානායකවරයා හමුවෙයි

ඊයේ (09) පාර්ලිමේන්තුවේදී නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක  ‍ජෙරී බ්‍රව්න්ලි මහතා ප්‍රමුඛ නවසීන්ත පාර්ලමේන්තුවේ දූත පිරිසක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා   හමුවූහ.

මෙම දූත පිරිස නවසීලන්ත පාර්ලිමේන්තුවේ  මන්ත්‍රීවරයන් වන කාලෝස් චියැංග්, ඇන්ඩි ෆොස්ටර්, කුෂ්ලා ටැංගාරී මැනුඑල්, ලෝරන්ස් ෂූනෑන් යන මහත්ම මහත්මීහූගෙන් සමන්විත විය.

මෙම අවස්ථාවේ දී දෙරටේ පාර්ලිමේන්තු ක්‍රමවේදයන්, ආර්ථිකය සම්බන්ධ කරුණු ආදිය පිළිබඳව කථානායකවරු සුහද සාකච්ඡාවක නිරත වූහ.