පළමු පෙළ තැපැල් කාර්යා­ලයක් හෝමා­ගම දී ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ සුර­තින් ජනතා අයි­ති­යට

මෙරට තැපැල් දෙපා­ර්ත­මේන්තු ප්‍රති­පා­දන යටතේ නවී­ක­ර­ණය කරන ලද හෝමා­ගම පළමු පෙළ තැපැල් කාර්යා­ලය හා එහි අභි­න­ව­යෙන් ඉදි කරන ලද Expedited Mail Service (EMS) මධ්‍ය­ස්ථා­නය හා Cash On Delivery (COD) මධ්‍ය­ස්ථා­නය, ජනතා අයි­ති­යට පත් කිරීම ප්‍රවා­හන, මහා­මාර්ග හා ජන­මාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහ­තාගේ සුර­තින් සිදු විය‍.

්‍මින්ශ්‍රී ලංකාව තුළ ඕනෑම ස්ථාන­ය­කට ලිපි සහ පාර්සල් අවම ගාස්තු­වක් යටතේ භාණ්ඩයේ බරට පම­ණක් ගාස්තු අය­ක­ර­මින් ලබා­දෙන භාණ්ඩ බෙදා හැරීමේ සේවාව, මාර්ග­ගත ව්‍යාපා­ර­වල නියැ­ළෙන පිරිස් වෙනු­වෙන් වැඩි පහ­සු­කම් ලබා දෙන, ව්‍යාපා­රික වටි­නා­කම රුපි­යල් ලක්ෂ­යක් දක්වා වූ භාණ්ඩ නවීන තාක්ෂ­ණික ක්‍රම­වේ­ද­යන්ට අනුව බෙදා හැරීමේ- භාණ්ඩ ලැබුණු පසු මුදල් කිරීමේ සේවා්‍ව ආදි නව­තම සේවා­වන් රැසක් නවී­ක­ර­ණය කරන ලද හෝමා­ගම නව තැපැල් කාර්යා­ලය ඔස්සේ ලබා ගැනීමේ පහ­සු­කම ජන­තාව වෙත හිමි­වනු ඇත.