යුනෙස්කෝ අධ්‍යක්ෂ ජනරාල්වරිය හා ජනපති හමුවක්

ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඕඩ්‍රි අසූලේ මහත්මිය (Ms. Audrey Azoulay) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී ඇත.

ශ්‍රී ලංකාව යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා වසර 75ක් සපිරීම නිමිත්තෙන් ඒ මහත්මිය ලංකාවේ සංචාරයක නිරත වී ඇත.