බංකොළොත් ව්‍යාපාර පිළිබදව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක්

තාවකාලිකව අත්හිටුවා තිබෙන පරාටේ නීතිය දිගුකලක් පවත්වාගෙන යාමට නොහැකි බවද, එමනිසා බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වාදීමට කටයුතු කරනු ලබන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදි.

මෙහිදි ජනාධිපතිවරයා යෝජිත නව පනත් කෙටුම්පත මඟින් ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ද විධිවිධාන අන්තර්ගත වන බව ද සඳහන් කළේය.

එසේම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙත අවශ්‍ය ආධාර සහ උපකාර ලබාදීම සඳහා “එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා” නමින් නව ආයතනයක් බිහිකරනු ලබන බව සඳහන් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිගැන්වීම වෙනුවෙන් රජය කැපවී සිටින බව ද පවසන ලදි.