ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී දිල්කි දෙව්මිණිගෙන් නව තරග වාර්තාවක්

හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක 64 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ ආරම්භක දිනය වූ පෙරේදා (13දා) කැපී පෙනුණුම ක්‍රීඩිකාව බවට පත් වෙමින් නව තරග වාර්තාවක් බිහි කිරීමට දිල්කි දෙව්මිණී කරුණාරත්න සමත් විය.

කොළඹ විශාඛා විදුහලේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය අවුරුදු 16 න් පහළ යගුලිය දැමීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම උදෙසා ප්‍රදර්ශනය කළ මීටර් 11.96 ක දක්ෂතාව නව ජාතික කනිෂ්ඨ වාර්තාවක් ලෙස සටහන් විණ.