බිබිලේ මධුෂානීගෙන් නව වාර්තාවක්

64 වැනි ජාතික කනිෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ (15) කැපී පෙනුනම ක්‍රීඩීකාව බවට පත්වෙමින් බිබිල නන්නපුරාව මධ්‍ය මහා විද්‍යාලයේ එච්. එම්. එන්. මධුෂානී හේරත් නව තරග වාර්තාවක් බිහි කිරීමට සමත් විය.

මධුෂානී හේරත් අවුරුදු 20 න් පහළ බාලිකා දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම උදෙසා ප්‍රදර්ශනය කළ මීටර් 6.32 ක දක්ෂතාව නව තරග වාර්තාවක් ලෙස සටහන්විණි.