රණවිරුවන්ට ‘විරුසර‘ නමින් වරප්‍රසාද කාඩ්පතක්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට රජයේ රෝහල් සහ සායනවලදී ප්‍රතිකාර ලබාගැනීමේදී ප්‍රමුඛතාවය ලබාදීම සදහා විරුසරනමින් වරප්‍රසාද කාඩ්පතක් හදුන්වා දී ඇති බව පැවැසීය.

මෙම සේවාව සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහ සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ සෘජු මැදිහත්වීම මත සිදුකළ සාකච්ඡාව මගින්  අනුමැතිය ලබා ඇත.

සෞඛ්‍ය සේවා ලබාදීමේදී විරුසර වරප්‍රසාද කාඩ්පත හිමි රණවිරුවන්ට සහ ඔවුන්ගේ යැපෙන්නන්ට ප්‍රමුඛතාව මත එම සේවා ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මින් ඉදිරියට කටයුතු කරන බවද ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.