අනුරාධපුර මැදි විදුහලට ජනාධිපති මූලිකත්වයෙන් පිහිනුම් තටාකයක්

මෙරට දරු පරපුර වෙනුවෙන් අනාගතයට ගැලපෙන ශක්තිමත් ආර්ථික ක්‍රමයක්  ඇති කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එය කෙටි කාලීන ආර්ථික ක්‍රමයක් නොව රටේ ආර්ථිකය යළි බිඳ නොවැටෙන  දීර්ඝකාලීන, ශක්තිමත් ආර්ථික ක්‍රමයක් බවද ජනාධිපතිවරයා පැවසීය.

මේ බව ජනාධිපතිවරයා අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සඳහා අභිනවයෙන් ඉදිකළ නවීන පහසුකම්වලින් සමන්විත  පිහිනුම් තටාකය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට අද  (13) එක් වෙමින් සඳහන් කර සිටියේය. 

මෙහිදී ජනාධිපතිවරයා පසුගිය ආර්ථික හා දේශපාලන බිඳ වැටීම හමුවේ මෙරට ඉතිහාසයේ පළමු වතාවට ජාතික මට්ටමින් සිතිය හැකි දේශපාලන කණ්ඩායමක් රට තුළ නිර්මාණය වූ බව ද, වසර 5කට බලය ලබා ගන්නේ කෙසේද යන්න සහ පවතින ආණ්ඩුව පෙරළන්නේ කෙසේද යන්න සිතන දේශපාලන ක්‍රමය වෙනුවට ජාතික මට්ටමින් සිතා කටයුතු කළ හැකි දේශපාලන ක්‍රමයක් ඉදිරියට ද රටට අවශ්‍ය බවත් ප්‍රකාශ කරන ලදි.