පිළිකා ප්‍රතිකාර වලට දියුණු උපකරණ ගැනීමට පියවර

මේ වන විට යොදා ගනු ලබන නවීන පිළිකා සත්කාරයේ ප්‍රමිතිගත බොහෝ වැදගත් අංගයන් 2013 වසරේදී අත්සන් කරන ලද මුල් ගිවිසුමේ පිරිවිතර තුල නොපවතින බැවින්, වැඩි දියුණු කරන ලද යන්ත්‍ර සපයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. 

මෙරට පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළඹ තිබේ. 

එම ව්‍යාපෘතියේ පළමු අදියර මේ වන විට ක්‍රියාත්මක කර ඇත.