“සෞන්දර්ය විෂයන් ඉවත් කිරීමට කිසිදු තීරණයක් නෑ”: කැබිනට් ප්‍රකාශක පවසයි

පාසල් අධ්‍යාපනයෙන් සෞන්දර්යාත්මක විෂයන් සහ කලා විෂය ධාරා ඉවත් කිරීමට රජය කිසිදු ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන නොමැති බවද එවැනි තීරණයක් ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තුවක් ද නොමැති බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

ඔහු මේ බව, (ජූලි 16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ය.

කලා විෂය ධාරාවන් අධ්‍යාපනය තුළ පැවතිය යුතු බවට ලෝකය ම පිළිගන්නා බව ද  ඊට වඩා පුළුල් ලෙස අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සාකච්ඡා කරන බව ත් අමාත්‍යවරයා තවදුරට ත් සඳහන් කරන ලදි.

මෙහිදි අමාත්‍යවරයා නැටුම්, සංගීතය, සෞන්දර්ය, චිත්‍ර ආදී සෞන්දර්යාත්මක විෂයන් පාසල්වලින් ඉවත් නොකරන බව ද ඒවා දරුවන්ට ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයේදී අත්‍යවශ්‍ය දේවල් බව ද පැවසීය.