වසර 7ක් ඔත්පලව තිබූ කෘෂිකාර්මික පුස්තකාල තොරතුරු ජාලය යාවත්කාලීන කිරීමට සූදානම් වෙයි

ඉකුත් (20)දා කෘෂිකාර්මික පුස්තකාල ජාතික කමිටුව පිහිටුවා එම නිලධාරින්ට පත්වීම් ලබාදීමේ මුල් අදියර ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහාවේ ශ්‍රවණාගාරයේදි සිදු විය.

එය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර,අමත්‍යංශ ලේකම් ජානක ධර්මකීර්ති මහතාගේ උපදෙස් පරිදි සිදු කෙරිණි.

එහි දී ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සහාවේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියාත්මක දැනට වසර 7ක් තිස්සේ අඩපණ වී තිබූ කෘෂිකාර්මික පුස්තකාල තොරතුරු ජාලය (AGRINET) යාවත්කාලීන කිරීමට පියවර ගැනෙන බව පැවසින.