වගා බිමෙන් සරු පලදාවක් ගන්න ‘කෘත්‍රිම බුද්ධිය’ පහසු මෙවලමක්

0

කෑගල්ල නෙළුම්දෙණියේ පිහිටි AI Grow සමාගමට අයත් හරිතාගාර පරිශ්‍රයේ තමයි අපගේ බහුතර වගාබිම් තිබෙන්නේ.

මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වසර 07කට වැඩි පළපුරුද්දක් ඇති අපේ AI Grow සමාගම කෘත්‍රිම බුද්ධිය (AI) සමඟ හරිතාගාර වගාව සහ විවෘත වගාව යන දෙඅංශයම ස්වයංක්‍රීය ක්‍රම මඟින් පවත්වාගෙන යනවා.

නෙළුම්දෙණියේ ඇති මෙරට ප්‍රථම AI හරිතාගාරය කොටස් තුනකින් සමන්විතයි. තක්කාලි වර්ග, බෙල්පෙපර් හා සලාද කොළ වර්ග මෙම හරිතාගාරය තුළ වගා කරනවා. බිම්මල් වගාව සඳහා වෙන් වූ වෙනම හරිතාගාරයක් ද ක්‍රියාත්මකයි. දැනට අපගේ AI Grow සමාගමේ අස්වැන්නෙන් වැඩි ප්‍රමාණයක් අපනයනය කරන අතර දේශීය සුපර් මාර්කට්වලටත් යම් ප්‍රමාණයක් සපයනවා.

ඒ වගේම, අපේ සමාගම විසින් නිෂ්පාදනය කරන හරිත කෘෂිකාර්මික ස්වයංක්‍රීය උපාංග දේශීය ගනුදෙනුකරුවන්ට මෙන්ම විදේශයන්ට ද අලෙවි කෙරෙනවා.

AI Grow සමාගම දේශීය විශ්වවිද්‍යාල අතර ඇතිකරගෙන ඇති සහයෝගීතාවය මගින් නවීන කෘෂිකර්මාන්තය සඳහා කෘත්‍රීම බුද්ධිය (AI) සම්බන්ධ කර ගැනීම සම්බන්ධ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා පහසුකම් සැලසීම ද සිදු කරනවා. එම වගාබිම බලන්න පසුගියදා ජනාධිපතිතුමාත් පැමිණියා.

තවත් විදියකින් කිව්වොත්, AI කියන්නේ ඕනෑම විෂයකට අදාළ සොබාදහමේ තිබෙන සිද්ධි දාමයක් අරගෙන එය ඩිජිටල්කරණය කිරීම. ඉතින් ඇත්තටම කිව්වොත් කෘත්‍රිම බුද්ධියේ නිර්මාතෘ සොබාදහමයි. ඒ නිසා මං කෘත්‍රිම බුද්ධියෙන් වැඩ ගන්නේ බොහොම ආසාවෙන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *