පිරිවෙන් 825ම ඩිජිටල් වෙයි

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. . රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවැති මාධ්‍ය හමුවේදී මේ බව සදහන්විය.

 මෙරට ඇති පිරිවෙන් 825ක් සඳහා අවම වශයෙන් පරිගණක දෙකක්, ස්මාට් පුවරුවක් සහ මුද්‍රණ යන්ත්‍රයක් ඇතුළු සුහුරු පන්ති කාමර ලබාදීමට පියවර ගන්නා බව පැවැසින.