බිංගිරියේ අමාෂා වාර්තාවක් පිහිටුවයි

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ මගපෙන්වීමෙන් දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවති 64 වැනි ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ සිව්වැනි දිනය වූ ඊයේ බිංගිරිය ශ්‍රී සරණංකර ජාතික පාසලේ අමාෂා රත්නායක අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 3000 තරග ඇවිදීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම උදෙසා ප්‍රදර්ශනය කළ තරග නිමි කාලය අලුත්ම ජාතික කනිෂ්ඨ වාර්තාව ලෙස සටහන් විය.

නියමිත දුර ප්‍රමාණය සම්පූරණ කර ගැනීමට ඇය ගත කළ කාලය මිනිත්තු 18.16.15 කි.