ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාරටත් ‘උරුමය’ ලැබේ

ඊයේ (25) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර වීරසිංහ ක්‍රීඩාංගණයේදී සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් පිරිනැමීමේ ‘උරුමය’ ජාතික වැඩසටහන යටතේ 1,654 දෙනකු සඳහා ඉඩම් ඔප්පු ප්‍රදානය සිදුවිය.

එම අවස්ථාවේ ජනාධිපතිවරයා  අතින් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියකුට ඉඩම් ඔප්පුව ප්‍රදානය කළ අයුරු මෙහි දැක්වේ.

 හිටපු ඇමැතිවරුන් වන දයා ගමගේ, අනෝමා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහත්ම මහත්මීහු ද මෙහි වෙති.