ටිරාන්ට මරණ තර්ජන – පෝය දෙකෙන් බලාගමු කියයි

0

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකතනය හරහා නිර්නාමික තර්ජනාත්මක දුරකතන ඇමතුමක් ලැබී ඇත. අද දින (21) “ස්ථාවර රටක්“ මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූ අමාත්‍යවරයා අදාල මාධ්‍ය සාකච්ඡාව අවසන් වූ පසු මෙම නිර්නාමික දුරකතන ඇමතුම ලැබී ඇති අතර, ඇමතුම ගෙන ඇත්තේ විදේශ රටක සිටය.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රෙය් පැවැත්වෙන “ස්ථාවර රටක්“ මාධ්‍ය සාකච්ඡාවට අද දින සහභාගී වූ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අදාල මාධ්‍ය සාකච්ඡාව අවසානයේදී මාධ්‍යෙව්දියෙකු විසින් “මෙම මෙහෙයුම අතරතුරු ඔබතුමාටත් දුරකතන ඇමතුමක් ලැබෙයිද?“ යනුවෙන් විමසූ අතර, එම පැනයට පිළිතුරු දුන් අමාත්‍යවරයා පැවසුවේ “මම ඒ කෝල් එකත් ආන්සර් කරනවා…“ යනුවෙනි.

කෙසේ වෙතත් මාධ්‍ය සාකච්ඡාව අවසානයේ මාධ්‍යෙව්දීන් සමඟ සුහද පිළිසඳරක නිරත වෙන අවස්ථාවේදී අමාත්‍යවරයා වෙත විදේශ රටකින් පැමිණි මෙම ඇමතුම නිර්නාමික, තර්ජනාත්මක ඇමතුමක් වූ අතර, එහිදී මේ වන විට මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් දියත් කර ඇති “යුක්තිය“ මෙහෙයුම සම්බන්ධයෙන් තර්ජනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *