නව ග්‍රාම නිලධාරීන් 1942 කට හෙට පත්වීම් ලිපි

0

නව ග්‍රාම නිලධාරීන් 1942ක් හෙට (08) සිට රාජ්‍ය සේවයට බඳවා ගැනේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අගමැති දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රදානත්වයෙන් අරලියගහ මන්දිරයේදී හෙට (08) පෙරවරුවේ නව ග්‍රාම නිලධාරීන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

ග්‍රාම නිලධාරි 3 වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වූ විභාගයෙන් සහ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රතිඵල මත ත්‍රෛමාසික පුහුණුව සඳහා සුදුසුකම් ලැබූ අයදුම්කරුවන් 1942කගේ නාම ලේඛනය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මඟින් ඊයේ (06) නිකුත් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *