පොසොන් පෝය නිමිත්තෙන් ජෝර්දානයේ ශ්‍රී ලාංකික දරුවන්ට චිත්‍ර තරගයක්

පොසොන් පොහොය නිමිත්තෙන් පැවැති වැඩසටහනේ අදියරක් ලෙස ජෝර්දානයේ අම්මාන්හි ශ්‍රී ලංකා  තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන් මේ චිත්‍ර තරගය සංවිධාන කර ඇත.

 ‘පොසොන් පොහොය දිනයේ වැදගත්කම’ තේමාවෙන් එම තරගය පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපතිනී ජේ. ඒ. ඩී. එස්. ප්‍රියංගිකා  විජේගුණසේකර මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මේ චිත්‍ර තරගය සංවිධාන කර තිබුණි.