ඔස්ට්‍රේලියාවේ 30 වැනි අගමැති ගංගාරාමයේ යයි

ඊයේ (18දා) ලංකාවේදී ආරම්භ වූ ශ්‍රී ලංකා මානව ප්‍රාග්ධන සමුළුව 2024 සඳහා සහභාගිවීමට පැමිණි ඔස්ට්‍රේලියාවේ 30 වැනි අගමැතිවරයා වන ස්කොට් මොරිසන් මහතා කොළඹ, හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය ද ඊයේ (18දා) වැඳපුදා ගන්නා ලදි.

2018-2020 දක්වා කාලයේ කම්කරු පක්ෂයේ නායකයා මෙන්ම අගමැතිවරයා ලෙස කටයුතු කළ ස්කොට් මොරිසන් මහතා කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියන්ගෙන් විශේෂ ආශිර්වාදයක් ලබා ගන්නා ලදි.